Gossips

කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද දිවුරුම් දෙයි

තවත් කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු මෙලෙස දිවුරුම් දෙනු ඇති බවයි.
මෙහිදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්නන් හටද කැබිනට් නොවන අමාත්‍යධුරයක් හිමිවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.