Gossips

ගුවන් ටැක්සි සේවාව ලබන වසරේ සිට

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර අතර ගුවන් කුලී රථ සේවාව ලබන වසරේ සිට ආරම්භ කිරීමට සූදානම් බව එම විශේෂිත ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගම පවසනවා.
පියාඹන මෝටර් රථ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම ගුවන් කුළී රථ ගුවන් යානා, හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන තාක්ෂණය අතර සමිමිශ්‍රණයක් ලෙසයි සැළකෙන්නේ.
විශේෂයෙන් සිරස්ව ඉහළ නැංවීම සහ ගොඩබෑ හැකි ගුවන් කුලී රථ නිෂ්පාදනය සඳහා අදාළ සමාගම දිගු කලක සිට පර්යේෂණවල නිරතව සිටි බව සඳහන්.
ලාස්වේගාස් හි ගුවන් තාක්ෂණ ප්‍රදර්ශනයේදී නිරාවරණය කෙරුණු මෙම ගුවන් කුලී රථවලට පැයට සැතපුම් 150 ත් 200 ත් අතර වේගයකින් ගමන් කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව ගුවන් කුලී රථ සේවාව ඇමරිකාවේ හියුස්ටන්, ඇට්ලන්ටා, නිව්යෝක් සහ ලොස් ඇන්ජලිස් නගර අතර මුලින්ම ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.