Gossips

ගාල්ලේ වෙළඳසලක හදිසි ගින්නක්

ගාල්ල පෙට්ටිගල ප්‍රදේශයේ පිහිටි ටයර් අලෙවි සහ සේවා සැපයුම් ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් විශාල ලෙස ඇවිලී ගිය ගින්න හේතුවෙන් ඊයේ (10) සවස හටගත් ගින්න නිවාදැමීමට අද අලුයම දක්වා කල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල ගිනි නිවීමේ ඒකකය සහ දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහයෙන් ගින්න මැඩපැවත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.