Gossips

78 ව්‍යවස්ථාවේ ගැටළුවක් නැහැ. පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන්

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එතරම් ගැටළු දක්නට නොලැබෙන බව රෝහණ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ඊයේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාව පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු නොවන බවයි.