Gossips

මහනුවර තවත් ගින්නක්

මහනුවර ප්‍රදේශයේ ආපනශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
අදාළ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
මෙලෙස ගින්න හටගෙන ඇත්තේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ මහනුවර රෝහල ආසන්නයේ ඇති ආපනශාලාවකයි.
එහිදී සේවකයන් විසින් ගෑස් සිලින්ඩරය සහ ගෘහ භාණ්ඩ කිහිපයක් කඩිනමින් වෙළඳසැලෙන් ඉවත්කිරීම හේතුවෙන් ගින්න පාලනය කරගැනීමට හැකිව තිබෙනවා.
එසේම මහනුවර ගිනිනිවීමේ ඒකකය ගින්න හටගත් වෙළඳසල ආසන්නයේම තිබීම හේතුවෙන් ඔවුන් කඩිනමින් පැමිණ ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ගින්න හේතුවෙන් ගෑස් සිලින්ඩරය පුපුරාගොස් සිදුවන්නට තිබූ විශාල අනතුරක් අවම කරගැනීමට සමත්ව තිබෙනවා.
ගින්නෙන් කිසිවෙකුටටත් හානියක් සිදුව නොමැති අතර ආපන ශාලාවේ භාණ්ඩ කිහිපයකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.