අද සිට පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අනිද්දා දක්වා එම තත්ත්වය පවතිනු ඇති.
විශේෂයෙන් ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.