Gossips

මාතලෙන් ඉපැරණි හුණුගල් ගුහාවක් සොයා ගැනේ – (ඡායාරූප)

මාතලේ – නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සේරුදණ්ඩාපොලින් සොයාගනු ලැබූ ඉපැරණි ගල් ගුහාව ‘‘හිරිලබ ගුහා’’ විශේෂයට අයත් ගුහාවක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මහනුවර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යාඥ මහින්ද කරුණාරත්න සඳහන් කළේ ගුහාවේ පාෂාණ අධ්‍යයනයේදී හුණුගල්වලින් නිර්මාණය වුණු ගුහාවක් බවට තහවුරු වී ඇති බවයි.
වසර මිලියන ගණනක් පුරා ගුහාව තුළ ඇති වූ භෞතික හා රසායනික වෙනස්කම් හේතුවෙන් මෙම ක්‍රියාකාරකම් ඇති වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

(ඡායාරූප – නාවුල ඉන්දික අරුණ කුමාර )