Gossips

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (25) පෙරවරුවේ සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මීට පෙර වාර්තා පළ වුණේ එය ඊයේ (23) දිනයේ සිදුවන බවටයි.
මෙය වත්මන් ආණ්ඩුවේ දෙවන ඇමති මණ්ඩල සංශෝධනය ලෙසයි සැලකෙන්නේ.
ඒ පිළිබදව සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර, ප්‍රධාන පක්ෂ දෙකට හිමි කැබිනට් අමාත්‍ය ධුර වල වෙනසක් සිදුනොවනු ඇති බව ද වාර්තා වනවා.