Gossips

විපක්ෂය ආණ්ඩුවෙන් දිනක විවාදයක් ඉල්ලයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වීමට ගෙන ඇති තීරණයට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ යෝජනාවක්ද හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්. කෙසේ වෙතත්, අද පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන අතර ආණ්ඩුක්‍රම මණ්ඩලය සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.
එසේම, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එම ප්‍රකාශය සිදුකරන අතරතුර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ විමල් වීරවංශ ඊට බාධා මතුකළ අතර, ඔවුන් කියා සිටියේ ඊට අදාළව දිනක විවාදයක් ලබාදෙන ලෙසයි.