Gossips

හිටපු සභාපතිවරයෙකුගේ ක්‍රියාවක් නිසා දකුණු ආසියානු තරඟාවලියක් අහිමි වේ

ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ජල ක්‍රීඩා තරඟාවලියට සහභාගිවීමේ අවස්ථාව 150 දෙනෙකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබෙනවා.
ඒ, දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින් පසු ධූරයෙන් ඉවත් කරන ලද හිටපු සභාපතිවරයෙකුගේ කූඨ ක්‍රියා හේතුවෙන්.
ඔහු නීතිවිරෝධීව මුරපද සහිතව තම භාරයේ රඳවාගෙන තිබෙන සංගමයේ නිල ඊමේල් ගිණුම හරහා ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය සමඟ සම්බන්ධ වී වත්මන් ජල ක්‍රීඩා අතුරු කමිටුවට තහනමක් පනවන ලෙස ඉල්ලා තිබෙනවා.
ඊට ජාතික ඔලිම්පික් කමිටුවේද සහය ලැබී ඇති බව සඳහන්.
එහි ප්‍රතිඵලයක් ලෙසයි ශ්‍රී ලංකාවට දකුණු ආසියානු ජල ක්‍රීඩා උළෙලට සහභාගිවීමට අවස්ථාව අහිමි වී ඇත්තේ.
මේ හේතුවෙන් තරඟාවලිය කල් දැමීමටද සිදුව ඇති බව සඳහන්.