Gossips

ජනපතිගෙන් පොලිසියට උපදෙසක්

පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලූ පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙසටයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත්තේ.
ඒ සදහා අවශ්‍ය නීති ද කඩිනමින් සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබද විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති අතර එම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස පොලිසියට උපදෙස් දී තිබෙනවා.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය පාලනය වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති අතර වැටලීම්වලට අදාළ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් අදාළ නීති පනත් සංශෝධන කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතිනවා.
එම සියලූ නීති සංශෝධන කඩිනමින් සිදුකර, අදාළ බලතල පවරාදීම් කඩිනම් කරන ලෙසටයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට අදාළ විමර්ශන කටයුතුවල දී අනෙකුත් ආයතනවල සහය ලබා ගැනීම, බන්ධනාගාරවල ආරක්ෂාව සදහා ගෙන ඇති පියවර ඇතුළු කරුණු පිළිබදව ද සාකච්ඡාවට ලක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.