Gossips

ජයලලිතාගේ ජන්ම සමරුවට, මෝදි චෙන්නායි නුවරට

තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී අභාවප්‍රාප්ත ජයලලිතා ජයරාම්ගේ 70 වන ජන්ම දිනය යෙදී ඇති අද (23) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවරට පැමිණෙනවා.
ඒ, තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ජයලලිතාගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් සියයට 50ක වට්ටමක් සහිතව කාන්තාවන්ට යතුරුපැදි ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමටයි.
එය ජයලලිතා 2016 ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ලබාදුන් පොරොන්දුවක්.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පාලක පක්ෂය අපේක්ෂාවෙන් සිටි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
නියෝජ්‍ය මහඇමති පන්නීර් සෙල්වම් කියා සිටියේ එය බෙදුණු පක්ෂය තුළ සහයෝගයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බවයි.
මහඇමති ඊ. පලනිස්වාමිගේ පාර්ශවය කලින් වී.කේ. ශෂිකලාට නැඹුරුවක් දැක්වීම නිසා ඇයට එරෙහි වූ පන්නීර් සෙල්වම් පාර්ශවය හා විරසකව සිටීම ඊට හේතුවයි.