Gossips

දින 05 කට වරක් ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කරන්නැයි නිලධාරීන්ට උපදෙස්

දින 05 කට වරක් ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කරන්නැයි අදාළ නිලධාරීන්ට උතුර පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් අද නියෝග කළා.
ඒ, ජලාශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුවයි.
ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව කිසිදු නිලධාරීයෙකු එහි තත්ත්වය සොයා බැලීමට නොපැමිණීම පිළිබඳව මෙහිදී ආණ්ඩුකාරවරයා අප්‍රසාදය පළ කළ බවයි උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළේ.