Gossips

චිත්‍රපට ප්‍රචාරක පුවරුවක් කඩා වැටි 6 දෙනෙක් තුවාල ලබයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චිත්‍රපට ප්‍රචාරක පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස කඩා වැටි ඇත්තේ අද පළමු වරට තිරගත වීමට නියමිතව තිබු "viswasam" නැමැති චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුවක්.
තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
චිත්‍රපටය ප්‍රදර්ශණයට සමඟාමීව මෙම ප්‍රචාරක පුවරුව සවි කර ඇති අතර සිනමාලෝලීන් ආදළ ප්‍රචාරක පුවරුව සවි කළ කණු මත නැගී සිදු කළ සැමරුමක් අතරතුරදී එය කඩා වැටි තිබෙනවා.