Gossips

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට සිට ලබන 13 වනදා දක්වා මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.