Gossips

හිටපු LTTE සාමාජිකයන් දෙදෙනෙකුට වසර 185 බැගින් සිරදඬුවම්

පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ආරක්ෂක අංශ සාමාජිකයින් 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනෙකුට වසර 185 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව අද උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකරුවන්ට වෙන් වෙන්ව නියම කෙරුණු දඬුවම් කාලය වසර 05 කින් එකවර ගෙවී යන ලෙසට ක්‍රියාත්මක කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
2000 වසරේ මාර්තු මස 30 වැනිදා පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් 32 ගුවන් යානයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබුණේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිටයි.