Gossips

විදේශිකයින් 3,000 ක් සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර ඇරඹේ

රටවල් 70ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උස්සන්ගොඩ සංචාරක කඳවුර 7වන වරටත් ඊයේ ආරම්භ වුණා.
සමාරම්භක අවස්ථාවට විදේශිකයින් 3,000 ක් පමණ එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රජයේ සියලූ සංවර්ධන අංශයන්හි දායකත්වයෙන් මෙම සංචාරක කඳවුර සෑම වසරකම පවත්වනු ලබනවා.
ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි සළසා දීමේ අරමුණ ඇතිව පරිසර හිතකාමී කෙටිකාලීන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් මෙය ක්‍රියාත්මකයි.
මෙම සංචාරක කඳවුර මේ මස 15 වනදා දක්වා පැවැත්වෙනු ඇති.