Gossips

විපක්ෂ නායක ධුරයේ වරප්‍රසාද ලබා නොදීමේ කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීමට කිසියම් මන්ත්‍රීවරයෙකු සහය පළ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරන බව පැවිදි හඩ සංවිධානය පවසනවා.
එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට අවශ්‍ය පහසුකම් ලබා නොදීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ දැරීම නිසා නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ආණ්ඩුවට එය බාධාවක් වීම හේතුවෙන් මෙලෙස විපක්ෂ නායක ධුරයට අවශ්‍ය පහසුකම් ලබානොදීමට රජය කටයුතු කරන බවද ඔහු එහිදී සඳහන් කළා.