Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තුවේදී විරෝධය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වීමට ගෙන ඇති තීරණයට විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා.
එහි සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වන්නේ නම් ස්ථාවර නියෝගවලට අනුකූලව දින 3 කට පෙර ඒ පිළිබඳ දැනුම්දීමක් සිදුකළ යුතු බවයි.
කෙසේ වෙතත් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි එහිදී කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හෙට රැස්වීමට ගෙන ඇති තීරණය පක්ෂ නායක රැස්වීමේදී පැමිණි එකඟතාවක් බවයි.
මෙම සංවාදයට අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනද මැදිහත් වුණා.