Gossips

සුපිරි නිවසේ ජයටම ගණිකා නිවාසය කරගෙන ගිය නිළිය දැලේ

සීදුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන ටෙලිනාට්‍ය නිළියක් ඇතුළු රූමත් කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් බස්නාහිර උතුර දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ටෙලිනාට්‍ය නිළිය ටෙලිනාට්‍ය ගණනාවක රඟපා ඇති නිළියක යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී සම්බාහන ආයතනයේ කළමණාකරු එහි නොසිට ඇති අතර අදාළ සම්බාහන ආයතනය සතුව ශාඛා 20ක ජාලයක් පවතින බවයි සඳහන් වන්නේ.
ටෙලිනාට්‍ය නිළිය ඇතුළු කාන්තාවන් හතර දෙනා එක් අයෙකු සමඟ පැයක් ගත කිරීමට රුපියල් 10,000ක මුදලක් අයකරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ලැබුණු වහාම තොරතුරක් අනුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.