Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් වැඩ අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ආරම්භ කළා.
ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එම අවස්ථාවට එක්වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් එක් කළා.
දයාසිරි ජයසේකර වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ,ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන අය ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.