Gossips

නීතිවිරෝධී ලෙස භාණ්ඩ රැගෙන ආ එකම පවුලේ හයදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස විදේශීය දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ එකම පවුලේ හයදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ගමන් මළුවල සඟවාගෙන පැමිණි රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුවඳ විලවුන් සහ ආලේපන තොගයක්ද, දුම්වැටි කාටුන් 25 ක්, දුම්කුඩු කාට්න් 30ක් සහ මත්පැන් බෝතල් 30 ක් රේගු භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ මව, පියා, පුතා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනායි.