Gossips

හදිසි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

අනුරාධපුර පලාගල බුදුගේහින්න මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණු වීම් වල නිරත වී සිටි 16 හැවිරිදි සිසුවෙකු මතට ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් ඇද වැටී එම පාසල් සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දේවහුව,යටගල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.