Gossips

මේජර් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා පත් කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ඒ අනුව ඔහු 53 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන බවයි.
1984 වසරේ යුදහමුදාවේ සේවයට එක්ව මානුෂීය මෙහෙයුම සමයේ 58 සේනාංකාධිපතිවරයා වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පසුව යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණු ඔහු වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම, රණශූර සහ උත්තම සේවා පදක්කම්ලාභියෙක්.