Gossips

තෙවරප්පෙරුමගෙන් යළි ෆොන්සේකාට දැඩි චෝදනා

තමන් අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේ එවක වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එය අවහිර කළ බවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ වන අලි ප්‍රහාරයකින් මියගිය සුරියවැව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ අවමගුල් අවස්ථාවකට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.