Gossips

මහනුවර ගොඩනැගිල්ලේ ගින්න නිසා ගිනි නිවීමේ ඒකකයට චෝදනාවක්

මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ඊයේ ඇති වූ ගින්න පාලනය කිරීමට අපහසු වූයේ ගිනි නිවීමේ ඒකකය පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
කෙසේ වෙතත් මහනුවර ගිනි නිවීමේ ඒකකය අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ දුරකථන ඇමතුම ලද වහාම තමන් ක්‍රියාත්මක වූ බවයි.
මහනුවර – යටිනුවර වීදියේ සිව්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගැනීමෙන් එහි මහල් දෙකක් සම්පූර්ණයෙන් විනාශ වුණේ ඊයේ පෙරවරුවේයි.
සිද්ධියෙන් එකම පවුලේ මව, පියා සහ දරුවන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
සිය දරුවන් සහ බිරිඳ බේරා ගැනීම සඳහා පියා කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණා.
මේ අතර අදාළ ගින්න පාලනය කිරීමට නොහැකි වූයේ මහනුවර ගිනි නිවීමේ ඒකකය පැමිණීමට ප්‍රමාද වීමෙන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ ගින්න ඇතිවීමෙන් අනතුරුව ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණීම සඳහා පැයකට ආසන්න කාලයක් ගතවූ බවයි.