Gossips

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංචා දැනුම්දීමට අයි.සී.සී. යෙන් සති දෙකක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබාදී තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන බවයි.
එහි නියෝජිතයෙකු වන ස්ටීව් රිචඞ්සන් අදාළ කටයුතු සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මෙම සති දෙකක සහන කාලය තුළ ක්‍රිකට් දූෂණ, වංචා පිළිබඳ වාර්තා ලබාදෙන ලෙසයි ක්‍රීඩා අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.