Gossips

ඇළට වැටුණු වන අලියෙකු බේරාගත් අලි මොහෙයුම

මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටුණු වන අලියෙකු ප්‍රදේශවාසින් හා වෙහෙරගල වනජීවි නිලධාරීන්ගේ සහය ඇතිව ගොඩට ගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
ජලය සොයා පැමිණි මෙම අලියා අද(09) අළුයම මාදුරුඔය ජලාශයේ Z-D ඇළට වැටී ඇති බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් වෙහෙරගල වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු වන අලියා ඇළෙන් ගොඩගෙන තිබෙනවා.
පසුව මෙම වන අලියා වනජීවි නිලධාරීන් විසින් ගිනිදමන රක්ෂිතය වෙත පලවා හැරි බවයි අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කරේ.