ගොවි ජනතාවට පොහොර නොමිළේ ලබාදීමට කටයුතු කරන ලෙස තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ලග්ගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, සේනා දළඹුවා පැතිර ඇති ප්‍රදේශවල ආපදාවට ලක්වූ ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
කැප්පෙටිපොළ ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙම ඉල්ලීම කරනු ලැබුවා.