Gossips

නව විනිසුරුවරුන් 04 දෙනෙකු දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තුන් දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.
මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කේ.පී. ප්‍රනාන්දු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසයි.