Gossips

ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ජෝ බර්න්ස්, මැට් රෙන්ෂෝ යළි ටෙස්ට් සංචිතයට කැදවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
ඉන්දියාව සමඟ පැවති ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ ෂෝන් මාර්ෂ් සහ මිච් මාර්ෂ් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් කර නැහැ.
දෙරට අතර ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවට ටෙස්ට් සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබෙනවා.
තරඟ දෙකකින් සමන්විත ඕස්ට්‍රේලියානු සංචාරයේ පළමු ටෙස්ට් තරඟය දිවා – රාත්‍රීි තරඟයක් ලෙස බ්‍රිස්බේන් හිදී මේ මස 24 වනදා ආරම්භවීමට නියමිතයි.