Gossips

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කරයි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ මුදල් පිළිබඳ කාරක සභාව සඳහායි මෙලෙස සාමාජිකයින් පත්කර ඇත්තේ.
කතානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අදාළ කාරක සභා සඳහා සාමාජිකයින් නම් කිරීම සිදුකළ බවයි නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ.
එමෙන්ම, අද පස්වරු 04 ට කතානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙනු ඇති.