Gossips

අම්මයි තාත්තයි දුවයි අනතුරට ලක්කළ – අත්ට්‍රැක්ටර් අනතුර (CCTV දර්ශන සහිතයි)

අත් ට්‍රැක්ටරයක් රියදුරාගේ පාලනයෙන් ගිලිහී අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සැරිසරනවා.
පසුගියදා එම අනතුර සිදුව ඇත්තේ මිද්දෙණිය කටුවන හිඟුරකන්ද මැටිහක්ක වංගුව ප්‍රදේශයේදීයි.
මෙලෙස අනතුරට ලක්වන අත් ට්‍රැක්ටරයේ ඒ මොහොතේ ගමන්කර ඇත්තේ එකම පවුලේ මව පියා දියණිය සහ තවත් තිදෙනෙකුයි.
ඔවුන් කුරුඳු තැලීම සඳහා ගමන්කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.
එහිදී අත් ට්‍රැක්ටරයේ එක් පසෙක ලීවරයක් සිරවීගොස් මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් එහිදී එක තැන කිහිප වරක් කරකැවෙන අත් ට්‍රැක්ටරය නවතා ගැනීමට නොහැකිව අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී යනවා.
ඉන් එහි ගමන්කළ කුඩා දැරියගේ හිසට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.