Gossips

වියළි කාලගුණයේ තරමක වෙනසක් – ප්‍රදේශ රැසකට වැසි

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ, මඩකළපුව, අම්පාර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනය තුල ඇතිවන අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දෙනවා.
වයඹ පළාතේ, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.