Gossips

හීතෲ පැයකට නවතී

ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළවලින් එකක් වන ලන්ඩන් – හීතෲ ගුවන් තොටුපළ ඊයේ (08) දිනයේදී පැය එක හමාරකට අධික කාලයක් වසා දමා තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන් තොටුපළ ආසන්නයෙන් ඩ්‍රෝන් යානයක් පියාසර කිරීම ඊට හේතු වී ඇති බවයි.
කවුරුන් විසින් එය ගුවන් ගත කළේ ද යන්න පිළිබද මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.
කෙසේ වෙතත්, ගුවන් තොටුපළේ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ඒ පිළිබදව විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
මීට පෙර ද එංගලන්තයේ ගැට්වික් ගුවන් තොටුපළ කෙටි කාලයකට වසා දැමීමට පියවර ගත්තේ ද ඩ්‍රෝන යානයක් ඒ අසළින් පියාසර කිරීම හේතුවෙන්.