Gossips

ප්‍රවාහනය ගැන අමාත්‍යාංශ දෙකකට යෝජනාවලියක්

පොදු ප්‍රවාහන සේවාව සහ පෞද්ගලික බස් කර්මාන්තය කඩිනම් සංවර්ධනයකට ලක් කිරිම සඳහා වන යෝජනාවලියක් අද (09) මුදල් අමාත්‍යවරයාට සහ ප්‍රවාහන අමාත්‍යවරයාට ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික බස් සේවාවන් මේ වනවිට දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බවයි.
එමඟින් දිනකට 1500ක් පමණ මගීන් බස් සේවාවෙන් ඉවත්වෙමින් සිටින බවද ඔහු සඳහන් කළා.