Gossips

ලග්ගල නව හරිත නගරය, ජනපති අතින් ජනතා අයිතියට

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
‘‘මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්’’ ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමිනුයි මෙය ආරම්භ වූයේ.
එහිදී ලග්ගල නව නගරයේ ද්වාරය විවෘත කිරීම සහ නගර මධ්‍යයේ පිහිටුවා ඇති සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ සිදුකෙරුණා.
එමෙන්ම කළු ගඟ ජලාශය ජනතා අයිතියට පත් කිරීම ද අද සිදුවුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය කළු ගඟ ජලාශයයි.
කළු ගඟ ව්‍යාපෘතිය ද පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල ව්‍යාපෘතියක්.
මෙම ව්‍යාපෘති ද්විත්වයම එකට ගත් විට පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල වාරි සංකීර්ණයක් නිර්මාණය වන බවටයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
කළු ගඟ ජලාශයේ ධාරිතාව අක්කර අඩි ලක්ෂ දෙකක් වනවා.
මෙම ජලාශයෙන් ජලය විශාල ප්‍රමාණයක් ලබාදෙනු ලබන්නේ ලග්ගල නව නගරයේ ජනතාවට වීම ද විශේෂත්වයක්.
මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළු ගඟ ජලාශයට යට වන ලග්ගල නගරය වෙනුවටයි ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදිකරනු ලැබුවේ.
අනාගත අවශ්‍යතාවන් සලකා බලමින් මෙම නගරය ඉදිකර ඇති අතර, ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500ක්.
නව නගරයෙහි රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර ඇති අතර, නව රෝහල සහ ලග්ගල ද්වියිතික පාසල සිසු අයිතියට පවරාදීම ද සිදුරෙැණේ ජනාධිපතිවරයාගේ සුරතින්.
මේ අතර, අදට යෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡුන්ම දිනය සැමරීම ද අද සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
ඒ, කොළඹ ගාලූ මුවදොර පිහිටි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව අභියස දියි.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.