Gossips

එජාප පසුපෙළ ගමට මුදල් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට, පාක්ෂිකයින්ගේ ගැටළු විසදීම සඳහා මුදල් ලබාදෙන ලෙසට අද රැස්වන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ප්‍රකාශ කළා.
අද පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම රැස්වූ අතර, එය මේ වන විටත් පැවැත්වෙනවා.
ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භවීමට පෙර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියා.
මේ අතර, කඩිනමින් මැතිවරණ පවත්වන ලෙස රජයට බල කරමින් දිවයින පුරා ජන හමු 25,000ක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළ ආසන මට්ටමේ ජන හමු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.