විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.8ක් පමණ වන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
2019 වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2200ක් වෙන් කර තිබෙනවා.
එසේම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන විශාලතම මුදල බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.