Gossips

නව වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසි වාරය අද

මේ වසරේ සමාරම්භක පාර්ලිමේන්තු සැසිවාරය අද (08) පැවැත්වීමට නියමිතයි.
එය 08 වන පාර්ලිමේන්තුවේ තුන් වන සභා වාරයේ ආරම්භයයි.
ඒ අනුව කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වනු ඇති.
මේ අතර, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ නිකුත් කෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ පසුගිය 4 වන දා දිවුරුම් දෙනු ලැබුවා.