Gossips

ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම්, පෙබරවාරි 1 වනදා සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා.
ඒ, ඔහුගේ නිළ කාලය අවසන්වීමට වසර 3ක් තිබියදියි.
2012 වසරේදී මුල් වරට ලෝක බැංකු සභාපති ධුරයට පත්වූ ඔහු 2017 වසරේ සිට නැවතත් එම තනතුරට නම් කිරීමට හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පියවර ගත්තා.
සාමාජික රටවල් 189 දෙනෙකුගෙන් සමන්විත ගෝලීය සංවර්ධන ණය ආයතනය වන ලෝක බැංකුවේ සභාපති ධුරය නම් කෙරෙන්නේ එහි විශාලතම පාර්ශවකරු විසින්.
කොරියානු සම්භවයක් සහිත ඇමරිකානුවෙකු වන ඔහුගේ පාලන සමයේදී වසර 2030 වන විට ලෝකයෙන් අන්ත දුගීබව තුරන් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වුණා.