Gossips

මාලිංග දැවැන්ත ප්‍රහාරයකට ලක්වෙයි – අවසන් තරඟයේදී ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් දැවැන්ත ඉලක්කයක්

නෙල්සන් හිදී අද ආරම්භවූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් එක් දින තරඟයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම ලකුණු 364ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 04ක් පමණක් දැවී තිබියදීයි.
එහිදී නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් සිය 20 වන එක්දින ශතකය වාර්තාකරමින් පන්දු 131කදී ලකුණු 137ක් රැස් කළා.
සිව්වන කඩුල්ල වෙනුවෙන් රෝස් ටේලර් සමඟින් අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගූ හෙන්ඩ්රි නිකොල්ස් සිය මංගල ශතකය වාර්තාකරමින් නොදැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.
කෙන් විලියම්සන් ලකුණු 55ක් රැස්කළ අතර කොලින් මුන්රෝට රැස්කරගත් හැකි වුයේ ලකුණු 21ක් පමණයි.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 03ක් බිඳ දැමු අතර ඔහුගේ පන්දුවාර 10 තුල ලකුණු 93ක් නවසීලන්ත පිතිකරුවන් විසින් රැස් කිරීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජය ගැනීමට නියමිත පන්දුවාර 50 තුල ලකුණු 365ක් ලබාගත යුතුවනවා.