Gossips

නමෝ නාරායනාය මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට

නමෝ නාරායනාය මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට "
නමෝ නාරායනාය මධ්‍යස්ථානයේ හිමිකරු කීර්ති දිසානායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා මිරිහාන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදීයි.
ව්‍යාජ වාලම්පුරි අලෙවි කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.
මිරිහාන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.