Gossips

රටම කතාවෙන මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු බිල්ල මෙන්න (වීඩියෝ සහිතයි)

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ පර්යේෂණ දුම්රිය ගමන වෙත ඊයේ දිනයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුනා.
කෙසේ වෙතත් එම දුම්රිය ගමන අතරගමගදී දුම්රියේ සුනඛයෙකු වැදී මියයන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙනවා.
එම අනතුර සිදුවන්නේ බඹරැන්ද සිට වැවුරුකන්නල දක්වා වන දුම්රිය ගුවන්පාලම අවසානයේදීයි.
කෙසේ වෙතත් එහිදී දුම්රිය මොහොතකට එම ස්ථානයේ නවත්වනු ලබනවා.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝව ප්‍රචාරය වීමත් සමඟ ලංකා රේල්වේ ෆේස්බුක් පිටුව සඳහන් කර තිබුනේ එම අනතුරින් සුනඛයාගේ ජීවිතයට හානියක් සිදුනොවූ බවයි.
එම අවස්ථාව සජීවීව පටිගතව තිබුනේ මේ අයුරින්.
සංවේදී දර්ශන සහිතයි…