Gossips

දෙමටගොඩ තෙල් සංස්ථාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රී රිමාන්ඩ්

දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැල්ලම්පිටිය – සේදවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී රැදී සිටියදී ඊයේ රාත්‍රියේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ ඇති වූ නොසන්සුකාරී තත්ත්වය හමුවේ අයුතු ජනරාශියක සාමාජිකයෙකු වෙමින් කලහකාරී ලෙස හැසිරුණු බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වනවා.