Gossips

මැලේසියාව නව රජ කෙනෙකු පත් කර ගැනීමට සැරසේ

5 වන සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට ගත් අනපේක්ෂිත තීරණයෙන් අනතුරුව නව රජ කෙනෙකු තෝරා පත් කර ගැනීමට මැලේසියානු රාජකීයන් අද රැස්වනවා.
කෙසේ නමුත්, අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඔවුන් ඒ සඳහා ඉදිරි දිනක් යොදා ගනු ඇතැයි අපේක්ෂිතයි.
49 හැවිරිදි 5 වන සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට තීරණය කළේ රුසියානු රූ රැජිණක් සමඟ රහසිගතවම විවාහ වීමෙන් අනතුරුවයි.
හිටපු මොස්කව් රූ රැජිණ සමඟ සුල්තාන් මොහොමඩ් රජු විවාහ වීම මැලේසියානු සමාජය තුළ දැඩි කම්පනයක් ඇති කළ සිද්ධියක්.
මැලේසියාවේ රජ කිරුළ ප්‍රාන්ත 9ට වසර 5කට වරක් හුවමාරු වන අතර, සුල්තාන් මොහොමඩ් රජු කිරුළ අත්හැරීමට තීරණය කළේ සිය රාජකීය නිළ කාලයේ වසර 2ක් පමණක් ගත වී තිබියදියි.