යාපනය – පේදුරුතුඩුව වෙරළේ තිබියදී කේරළ ගංජා කිලෝග්රෑම් 112 ක ප්රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 
ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙම කේරළ ගංජා තොගය සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්රකාශ කළේ. කේරළ ගංජා මෙරටට රැගෙන ආ සැකකරුවන් පලාගොස් තිබෙනවා. 
කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පේදුරුතුඩුව පොලීසියට භාරදී ඇති බවයි වාර්තාවන්නේ. 



