Gossips

නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු දිවුරුම් දෙයි

ඌව, සබරගමුව සහ උතුරු පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් 3 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා.
ඒ අනුව ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් පත් කර තිබෙනවා.
මීට පෙර ආරිය බී. රැකව ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා.
සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකයි.
මීට පෙර එම ධුරය හොබවනු ලැබුවේ නිලූකා ඒකනායක විසින්.
එමෙන්ම උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත්තේ ආචාර්ය සුරේන් රාගවන්.
රෙජිනෝල්ඩ් කුරේ මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
බස්නාහිර, මධ්‍යම, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙකු පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව නව ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමට නියමිතව ඇත්තේ දකුණ පළාත සඳහා පමණයි.