Gossips

අනියම් සැමියා සමඟ එක්වූ මව, 9 හැවිරිදි දියණිය ඝාතනය කර වළ දමයි

නව හැවිරිදි දැරියක් ඝාතනය කර වළ දමා ඇති බවට සැකපිට මව සහ ඇයගේ අනියම් සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හාලිඇල – කන්දෙගෙදර – මහතැන්න ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර වළ දමා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (06) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි කාන්තාව සහ 31 හැවිරිදි පුද්ගලයා විවාහ නොවී අඹු සැමියන් ලෙස වාසය කර ඇති අතර, ඝාතනය කර ඇති බවට සැක කෙරෙන දියණිය මෙම කාන්තාවගේ පෙර විවාහයේ දරුවා වනවා.
අවුරුදු 9 ක් වයසැති දියණිය සිය මව සමඟ සැකකාර පුද්ගලයාගේ කන්දෙගෙදර පිහිටි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය ජනවාරි මස දිනකදී ඝාතනය කොට වළදමා ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
දැරියගේ මළ සිරුර අද (07) ගොඩගැනීමට නියමිතයි.