Gossips

ජනපතිගේ මානසික තත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම අධිකරණය ඉවත දමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවන්නැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
මෙම පෙත්සම පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වනදා අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ කොටහේන ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැත්තිය විසිනුයි.
එමඟින් ඇය ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට පොලිස්පතිවරයාට සහ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.
එම පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.
පෙත්සම නිශ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරියට නියෝග කළේ රජයට නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක් ගෙවන ලෙසටයි.